මුල් පිටුව උණුසුම් පුවත් 60 පැන්න අය ගෙදර යද්දී කෝච්චිත් අඩුවෙයි!

60 පැන්න අය ගෙදර යද්දී කෝච්චිත් අඩුවෙයි!

0
train
file photo

රාජ්‍ය සේවයේ නිලධාරීන් වයස අවුරුදු 60න් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් විශ්‍රාම යාමට නියමිත බවත් පවතිනන පවතින සේවක පුරප්පාඩු විශාල ලෙස ඉහළ යන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවව පවසා තිබේ.

නව බඳවාගැනීම් සිදුකළ ද ප්‍රධාන ධුරයන් සඳහා ඔවුන් පුහුණු කිරීමට අවුරුදු 7ක් හෝ ඒ ආසන්න කාලයක් ගතවන බැවින් කලක් යනතුරු දුම්රිය සේවා පවත්වාගෙන යාම කෙරෙහි මෙම තත්ත්වය ගැටලු මතුකරනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.

මේ හේතුවෙන් ඉදිරියේදී දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට ද සිදුවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ, පුහුණු කාර්ය මණ්ඩල සේවකයින් සහ නියාමක ෂන්ටර්, කැබින්මන් වැනි මෙහෙයුම් කාර්ය මණ්ඩල සහ කාර්මික කාර්ය මණ්ඩල 50%ක පමණ ප්‍රමාණයක් විශ්‍රාම යෑමට නියමිතව ඇත.

නියාමක මහතුන්ගේ අඩුපාඩුව හේතුවෙන් දැනටත් දුම්රිය අවලංගු වීම් සිදුවන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

දැනටත් දුම්රිය සේවය පවත්වාගෙන යනු ලබන්නේ මෙහෙයුම් කාර්ය මණ්ඩලවල විශාල හිඟතාවයක් ඇතුව බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනිවාර්ය විශ්‍රාම වයස් සීමාව නිසා ඉදිරියේ දී පුරප්පාඩු තවත් දෙගුණයකින් වැඩි වනු ඇති බැවින් දැනට ක්‍රියාත්මක දුම්රිය සීමා කිරීමට සිදුවනු ඇති බව ද එම දෙපාර්තමේන්තුව කියාසිටී.

දුම්රිය නියාමකවරයෙක් ප්‍රධාන නියාමකවරයෙක් හැටියට සේවය කිරීමට වසර 7ක් ගතවන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version