මුල් පිටුව උණුසුම් පුවත් ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක් වතුර නෑ

ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක් වතුර නෑ

0

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට අද (21) දිනයේ පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හංවැල්ල, කහහේන, ජල්තර, රනාල, කඩුවෙල, මාපිටිගම සහ දොම්පේ යන ප්‍රදේශවලට ජල කප්පාදුව සිදුවනු ඇත.

අද පෙරවරු 8 සිට රාත්‍රි 12 දක්වා කාලය තුළ ජල කප්පාදුව සිදුකෙරෙන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ලබුගම ජල පවිත්‍රාගාරයේ භූගත ජල ටැංකියේ පිරිසිදු කිරීමේ කටයුක්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version