
ඉන්දීය අත්අඩංගුවේ පසුවන සියලු තරුණයින් කඩිනමින් නිදහස් කරගැනීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.
ඒ, නීතිවිරෝධීව විදෙස්ගතවීමට උත්සහ කිරීමේදී ඉන්දීය නාවික හමුදා අත්අඩංගුවට පත් දෙමළ තරුණයින් 69 දෙනෙකුගේ ඥාතීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීයී.
පවතින ආර්ථික අර්බුද හමුවේ ධීවර රැකියා කරගෙන යාමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් එලෙස විදෙස්ගත වීමට උත්සහ කළ බව, මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති හමුවේදී ඥාතීහු ප්‍රකාශ කළහ.
එලෙස නීතිවිරෝධීව වෙනත් රටකට යාමට උත්සහ දැරීම කිසිසේත් අනුමත නොකරන බව පැවසූ අමාත්‍යවරයා, සබඳතා උපයෝගී කරගනිමින් අදාළ තරුණයින් නිදහස් කරගැනීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළේ ය.