තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන සඳුදා පාස්පෝට් කන්තෝරුවේ වැඩ වෙන්නේ මෙහෙමයි

    ලබන සඳුදා පාස්පෝට් කන්තෝරුවේ වැඩ වෙන්නේ මෙහෙමයි

    රජයේ විශේෂ නිවාඩු දිනයක් වන ලබන 19 වැනිදා, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල එක්දින හා සාමාන්‍ය සේවා යටතේ ගමන් බලපත් ලබාගැනීම සඳහා කලින් දින සහ වේලාවන් වෙන් කර ගත් අයදුම්කරුවන් සඳහා පමණක් විවෘතව තබන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. 
     
    එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අවාධාරණය කරන්නේ, අනෙකුත් සේවා එදිනට සිදු නොකරන බවත් කිසිදු හේතුවක් මත කලින් දින හා වේලාවෙන් වෙන් නොකරගත් කිසිවෙකුට මෙදින සේවා  සපයනු නොලබන බවත් ය. 

    බ්‍රිතාන්‍යයේ දෙවන එළිසෙබත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇති ලබන 19 වැනිදා පසුගිය දා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කෙරිණ.  

    කෙසේ වෙතත් එදින බැංකු හා වෙළඳ නිවාඩු දිනයක් නොවනු ඇති.   

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img