මුල් පිටුව special ෂේන් වෝන් ගැන හදන චිත්‍රපටයට විරෝධයක්

ෂේන් වෝන් ගැන හදන චිත්‍රපටයට විරෝධයක්

0

ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ මරණයෙන් මාස කිහිපයකට පසු ඔහුගේ ජීවිතය අළලා ටෙලි චිත්‍රපටයක නිර්මාණය කිරීමට සැලසුම් කිරීම ඔහුට සිදුකරන බරපතල අගෞරවයක් බව ඔහුගේ වැඩිමහල් දියණිය පවසයි.

ෂේන් වොන් වසර විස්සකට අධික කාලයක් විස්තර විචාරකයෙකු ලෙස සේවය කළ ඕස්ට්‍රේලියාවේ නයින් නෙට්වර්ක් ඉකුත් මාර්තු මාසයේදී මරණයට පත්ව සති කිහිපයක් ගත වන විට මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කළ බව වාර්තා වේ.

වොර්නී (Warnie) නමින් හැඳින්වෙන කොටස් දෙකකින් යුත් චිත්‍රපටය වෝන් හට උපහාරයක් පිණිස නිර්මාණය වන බවද එම රූපවාහිනි සේවය සඳහන් කරයි.

කෙසේ වෙතත් වෝන්ගේ පවුලේ සාමාජිකයින් සහ මිතුරන් පවසන්නේ එම චිත්‍රපට සංවේදී නොවන බවත් එය ප්‍රදර්ශනය කිරීම අවලංගු කළයුතු බවත්ය.

“ඔයාලා කවුරුත් තාත්තට අපේ පවුලේ අයට ගරු කරනවද? චැනල් නයින් නාලිකාවට මේතරම් සේවය කළ මගේ තාත්තාගේ ජීවිතේ සහ අපේ පවුල පදනම් කරගෙන ඔබලාට නාට්‍ය කරන්න ඕනෙද? එයා නැතිවෙලා මාස 6ක් විතරයි ගියේ” යනුවෙන් 25 හැවිරිදි වොන්ගේ වැඩිමහල් දියණිය වන බෲක් වොන් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් මෙසේ සඳහන් කර තිබිණි.

මේ අතර වොන්ගේ දිගුකාලීන කළමනාකරු වන ජේම්ස් අර්ස්කින් විසින් මීට පෙර මෙම චිත්‍රපට නිෂ්පාදනය විවේචනය කරනු ලැබ තිබිණි.

“ඔහු මියගොස් මාස කිහිපයක් පමණක් වන අතර, ඔවුන් මෙවැනි සංවේදී දෙයක් තම වාසියට යොදා ගැනීම ගැ ලැජ්ජා විය යුතුය,” අර්ස්කින් මහතා ජුනි මාසයේදී මෙල්බර්න් හි හෙරල්ඩ් සන් පුවත්පතට පවසා තිබිණි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නෙට්වර්ක් නයින් හී ප්‍රකාශකයෙකු ගාඩියන් ඕස්ට්‍රේලියා වෙත් පවසා ඇත්තේ පැවසුවේ මෙම කතා මාලාව “දැඩි ලෙස ආදරය කළ මිනිසෙකුගේ” ජීවිතය සැමරීමක් වනු ඇති බවයි.

“අපි ෂේන් සහ ඔහුගේ සියලු ජයග්‍රහණ කෙරෙහි ඉමහත් ගෞරවයක් දක්වන අතර, අපගේ බලාපොරොත්තුව වන්නේ වෝනිගේ පවුලේ අය ඇතුළු සියලුම ඕස්ට්‍රේලියානුවන්ට මෙම වැඩසටහන ඔහුගේ උරුමයට සහ ජීවිතයට ගෞරව කරන බව දැනෙනු ඇති බවයි,” ඔවුන් පැවසීය.

නළු නිළියන්ගේ විස්තර තවම ප්‍රකාශයට පත් කර නැතිමුත් නෙට්වර්ක් නයින් පවසා ඇත්තේ මෙම චරිතාපදානය 2023 දී ඕස්ට්‍රේලියාවේ රාත්‍රී දෙකකදී තිරගත වනු ඇති බවයි.

වෝන් තායිලන්ත නිවාඩු නිකේතනයක දී මාර්තු 4 වන දින මරණයට පත්විය. මියයන විට ඔහු 52 වියේ පසුවිය.

වෝන් දෙවැනියට වැඩිම ටෙස්ට් කඩුළුලාභියා වන අතර ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ සාර්ථකතම දඟපන්දු යවන්නෙකි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version