තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මානව හිමිකම් කෙවිට පෙන්වා ව්‍යවස්ථා සංශෝධනයට බලකිරීමට සියලුදෙනා එරෙහි විය යුතුයි"

    “මානව හිමිකම් කෙවිට පෙන්වා ව්‍යවස්ථා සංශෝධනයට බලකිරීමට සියලුදෙනා එරෙහි විය යුතුයි”

    මෙරට ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සහ මානව හිමිකම් කෙවිට පෙන්වා ව්‍යවස්ථා සංශෝධන සඳහා බලකිරීම සම්බන්ධයෙන් රටක් ලෙස සියලු පාර්ශ්ව හෙළා දැකිය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

    ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයට ඉදිරිපත් කළ මහ කොමසාරිස් වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කළ යුතු බවට නිර්දේශ කර ඇති බවත් එය ශ්‍රී ලංකාවේ රජය ප්‍රතික්ෂේප කළ 46/1 යෝජනාවලිය මගින් පිහිටු වූ යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණය යොදාගන්නා බවත් වීරවංශ මහතා සඳහන් කළා.

    ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානීන්ට එරෙහිව නඩු පවරන රටවල අභිචෝදකට එම චෝදනා සහ සාක්ෂි නිල වශයෙන් ලබාදෙන බව සහ ඒවා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ද යොමුකරන බවත් මහ කොමසාරිස් වාර්තාවේ සඳහන්ව ඇති බවත් ඔහු පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img