Home උණුසුම් පුවත් රජයේ සහනාධාර ඕනෙ අය ලබන 30දාට කලින් කියන්න

රජයේ සහනාධාර ඕනෙ අය ලබන 30දාට කලින් කියන්න

රජයේ සහනාධාර ඕනෙ අය ලබන 30දාට කලින් කියන්න

සමෘද්ධි දීමනාව ඇතුළු රජයේ අනෙකුත් සහනාධාර අපේක්ෂා කරන පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කළ බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ ලබන 30 වැනි දා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවයි.

සමෘද්ධි, වැඩිහිටි, අබාධිත හා වකුගඩු සහනාධාර අපේක්ෂා කරන පුද්ගලයින්ට ග්‍රාම නිලධාරී කාර්යාල හරහා තම අයදුම්පත් ප්‍රදේශීය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කළ හැකි බවයි.

ඒ අනුව සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර, සංවර්ධන නිලධාරී හා ග්‍රාම නිලධාරී යන තමන් අයත් ග්‍රාම නිලධාරී වසමේ ඕනෑම නිලධාරීයෙකු හරහා අයදුම්පත යොමු කළ හැකි බව ද ඔහු සඳහන් කළේය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, දැනට රජයේ දීමනා ලබන සියලු පුද්ගලයින් ද මෙම අයදුම්පත යොමු කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here