Home උණුසුම් පුවත් දමිතාට අදාළ සිද්ධියක් ගැන බන්ධනාගාරයෙන් වාර්තාවක් කැඳවයි

දමිතාට අදාළ සිද්ධියක් ගැන බන්ධනාගාරයෙන් වාර්තාවක් කැඳවයි

දමිතාට අදාළ සිද්ධියක් ගැන බන්ධනාගාරයෙන් වාර්තාවක් කැඳවයි

බන්ධනාගාර ගතකර සිටින රංගන ශිල්පිණී දමිතා අබේරත්නගේ සුවදුක් බැලීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරියට බන්ධනාගාර නිලධාරීන් බාධා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය වැලිකඩ කාන්තා බන්ධනාගාරයෙන් වාර්තාවක් කැදවා තිබේ.

දමිතා අබේරත්නගේ සුවදුක් විමසීම සඳහා මන්ත්‍රීවරිය වැලිකඩ කාන්තා බන්ධනාගාරය වෙත ඊයේ දිනයේ ගොස් තිබුණි.

එහිදී බන්ධනාගාර නිලධාරීන් මිනිත්තු 45 ක පමණ කාලයක් බන්ධනාගාරය තුලට ඇතුලුවීමට ඉඩ ලබානොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

එම නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද කඩ කරමින් තමන්ට එම අවස්ථාව ලබානොදුන් බවද මන්ත්‍රීවරිය චෝදනා කළේය.

කෙසේවෙතත් ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, දමිතා අබේරත්නගේ සුවදුක් විමසීමට එම බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරියට ද එම අවස්ථාව සලසාදීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here