තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හැට පැනලත් විශ්‍රාම නොයා බලෙන් ඉන්න හදන අධ්‍යාපන ලොක්කෝ පිරිසක්

    හැට පැනලත් විශ්‍රාම නොයා බලෙන් ඉන්න හදන අධ්‍යාපන ලොක්කෝ පිරිසක්

    අධ්‍යාපන පරිපාලන සේවයේ නිරත වයස අවුරුදු 60 සම්පූර්ණ වූ නිලධාරීන් පිරිසක් චක්‍රලේඛ උල්ලංඝනය කරමින් තවත් වසර 5ක් සේවයේ නිරත වීමට උත්සාහ ගනිමින් සිටින බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

    අධ්‍යාපන පරිපාලන සේවයේ ඉහළම තනතුරු දරන නිලධාරීන් සංඛ්‍යාව 100ක් පමණ වන අතර ඔවුන්ගෙන් මේ වසර අග විශ්‍රාම යාමට නියමිතව ඇත්තේ නිලධාරීන් 38 දෙනෙකු පමණක් බව ද ඔවුන් විශ්‍රාම ගිය පමණින් අධ්‍යාපන ක්ෂේත්‍රයට කිසිදු බලපෑමක් නොවන බවද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීය.

    එම නිලධාරීන් විශ්‍රාම ගිය පසුව තවත් සුදුසුකම් සම්පූර්ණ කළ නිලධාරීන් බහුතරයක් සිටින හෙයින් ඔවුන්ට අවස්ථාව සලසා දිය හැකි බවද ඔහු කීය.

    විශ්‍රාම යාමට සිටින ඇතැම් විදුහල්පතිවරුන් එකම පාසලේ වසර ගණනාවක් සේවය කරමින් සිටින අතර තරුණ හා නවක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට නොහැකි වීමෙන් එම පාසල් වල විභාග ප්‍රතිඵල පවා අඩු වීමට පටන් ගෙන ඇතැයි ද ස්ටාලින් මහතා කීය.

    අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ සුදුසුකම් සපිරූ නිලධාරීන් හැත්තෑ දෙනකු පමණ සිටින අතර එම විදුහල්පතිවරුන් ස්ථාන මාරු නොවීම නිසා වසර ගණනාවක් තිස්සේ ඔවුන් බරපතළ ගැටලුවකට මුහුණ පාමින් සිටින බවද ඔහු කීය.

    දැනට සේවයේ නිරත අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතාවය මත නියමිත පටිපාටියට තෝරා ගැනීම් කර ඔවුන්ට විදුහල්පති හා වෙනත් තනතුරු ලබා දිය යුතු බවද බව ද ස්ටාලින් මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img