Home උණුසුම් පුවත් බිත්තර මිලේ කඹ ඇදිල්ල

බිත්තර මිලේ කඹ ඇදිල්ල

බිත්තර මිලේ කඹ ඇදිල්ල

පාරිභෝගික කටයුතු අධිකාරිය බිත්තරවලට නිසි මිලක් තීන්දු කර ක්‍රියාත්මක නොකිරීම නිසා වෙළඳුන් සහ පාරිභෝගිකයින් යන දෙපාර්ශ්වයම අර්බුදයකට පත්ව ඇතැයි සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය සඳහන් කරයි.

බිත්තරයක සිල්ලර මිල රුපියල් 43 මට්ටමක පැවතීම සාධාරණ බවද එහෙත් රටපුරා විවිධ මිල ගණන් යටතේ බිත්තර අලෙවි වන බව ද එය විශාල ගැටළුවක් බව ද සමස්ත ලංකා බිත්තර බැංකු සංගමයේ සභාපති ඩබ්ලිව්.අයි.ඒ.එම්. ඤාණතිලක මහතා කීය.

බිත්තරයකට නියම මිලක් තීන්දු කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද එසේ නොවන්නේ නම් පාරිභෝගිකයින් මෙන්ම වෙළඳුන් ද අපහසුතාවයට පත්වන බවද සභාපතිවරයා කීය.

ඒ පිළිබඳව අදහස් දක්වමින් සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් කියා සිටියේ පාරිභෝගික අධිකාරිය විසින් එක් මිලකුත් ඇමතිවරුන් තවත් මිලක් නියම කිරීම නිසා ඇතැම් වෙළඳුන් බිත්තර අලෙවියේ නතර කර තිබෙන බවය.

1 COMMENT

  1. අද රටේ තියෙන පෝලිම් සංස්කෘතිය කාලවකවානු තුල කොමිස් බලාපොරොත්තුවෙන් කල් දමන්නේ නැතුව ඉක්මන් තීරණ ගන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here