Home අධ්‍යාපනය SLT කැම්පස් වෙතින් අලුත් උපාධි දෙකකට අවසර

SLT කැම්පස් වෙතින් අලුත් උපාධි දෙකකට අවසර

SLT කැම්පස් වෙතින් අලුත් උපාධි දෙකකට අවසර

ශ්‍රී ලංකාවේ උපාධි ප්‍රදානය කරන ආයතනයක් වන SLT කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට තවත් උපාධි පාඨමාලා දෙකක් පවත්වාගෙන යාම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ලබාදී තිබේ.

ඒ අනුව විලාසිතා වෙළඳ භාණ්ඩ කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී සහ ව්‍යවහාරික තොරතුරු තාක්ෂණය යන උපාධි පාඨමාලා පවත්වාගෙන යාම සඳහා SLT කැම්පස් ආයතනයට අවසර දී තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවක් යටතේ සාමාන්‍ය සමාර්ථ 3ක් ලබා තිබීම හෝ ඊට සමාන සුදුසුකම් තිබෙන සිසුන්ට එම උපාධි පාඨමාලා හැදෑරිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here