Home උණුසුම් පුවත් රජයේ වෙබ් අඩවියේ උසස් පෙළ ප්‍රතිඵල 100%ක්ම නිවැරදියි

රජයේ වෙබ් අඩවියේ උසස් පෙළ ප්‍රතිඵල 100%ක්ම නිවැරදියි

රජයේ වෙබ් අඩවියේ උසස් පෙළ ප්‍රතිඵල 100%ක්ම නිවැරදියි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසිදු සැකසංකාවක් ඇති කර ගත යුතු නැතැයි ද විභාග දෙපාර්තමේන්තුව වෙබ් අඩවියේ පළ කර ඇති ප්‍රතිඵල 100%ක්ම නිවැරදි බව ද විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ජී.ධර්මසේන මහතා පැවසීය.

ගාල්ලේ පාසලක සිසුවෙකු විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස කිසියම් නීතිවිරෝධී ක්‍රියාවක නිරත වීමට උත්සාහ ගෙන තිබෙන බව ද ඒ පිළිබඳ නීති අංශ මගින් වෙනම පරීක්ෂණයක් සිදු කරමින් තිබෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

එම නිසා 2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ නිවැරදි ලෙස තවමත් පළ කර තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

විභාග දෙපාර්තමේන්තුව සතුව ආරක්ෂිතව පිළිතුරු පත්‍ර සහ ලකුණු ලේඛනද ප්‍රතිඵල ලේඛනද තිබෙන අතර රජයේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති ප්‍රතිඵල සහ ඒවා අතර කිසිදු වෙනසක් නැතැයිද ඔහු සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here