Home උණුසුම් පුවත් සැඟවූ ගිනිඅවි ගැන හරි තතු දුන්නොත් සල්ලි

සැඟවූ ගිනිඅවි ගැන හරි තතු දුන්නොත් සල්ලි

සැඟවූ ගිනිඅවි ගැන හරි තතු දුන්නොත් සල්ලි

නොයෙකුත් පුද්ගලයන් විසින් සඟවා ඇති ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාග පිරිනැමීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ති‍බේ.

අමාත්‍යංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ලබා දෙන මුදල් ත්‍යාගවල වටිනාකම් ඉදිරියේදී ප්‍රකාශ කරන බවයි.

බස්නාහිර හා දකුණු පළාත ආශ්‍රිතව සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නැයි, පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට උපදෙස් දී ඇති බව ද ලේකම් සඳහන් කළේ ය.

ලේකම්වරයා පැවසුවේ, ආයුද සන්නද්ධ නිලධාරීන් හා විශේෂ පොලිස් රථ ඒ සඳහා යොදා ගැනීමට ද පියවර ගෙන ඇති බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, විදෙස්ගත පාතාල කල්ලි සාමාජිකයින් විසින් මෙම ඝාතන ඇතුළු අපරාධ මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති බවයි.

මේ අතර පසුගිය දිනවල ඝාතන හා වෙඩි තැබීම්වලට ‍යොදා ගත් ගිනි අවි කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here