
මදුවලට හසුවන කඳුකර කොටි හා වෙනත් සතුන් මුදාගැනීම සඳහා විශේෂ දැලක් අත්හදා බැලූ බවත් එම අත්හදා බැලීමෙි කටයුතු සාර්ථක බවත් වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් මද්දට හසුවන සතුන්ට හානියක් නොවන පරිදි ඔවුන් දරා සිටීම සදහා මෙම Cargo Net වැනි දැළ උපකාරී වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින කොටි මද්දට හසුවීම නිසා මරණයට පත් වූ අවස්ථා රැසක් පසුගිය වසර කිහිපයේ වාර්තා වූ බව වන ජීවී අමාත්‍යාංශය කියයි.
ඒ අනුව 2020 දී මධ්‍යම පළාතේ කොටි 09ක් ද, 2021 වර්ෂයේ කොටි 08ක් හා 2022 වර්ෂයේ කොටි 04 දෙනෙක් ද වශයෙන් මදුවලට හසුවීම නිසා මරණයට පත් වී ඇතැයි වනජීවී අමාත්‍යාංශ පවසයි.
2020 දී මදුවලට හසුවී සිටි කොටි 06ක් ද 2021 දී කොටි 03 දෙනෙක් හා 2022 දී කොටි 02ක් ද මුදාගැනීමට වනජීවී නිලධාරින්ට හැකි වී තිබෙි.
ඒ අනුව මධ්‍යම පළාතට අයත් මාතලේ, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල තේවතු ආශ්‍රිතව වාර්තා වන කඳුකර කොටි සංරක්ෂණයට සුදුසු වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට එම දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇතැයි ද ඒ අනුව මෙම විශේෂ දැළ අත් හදා බලන බවද වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.