
තිරිඟු පිටි හිඟය සැප්තැම්බර් 15 වනදායින් පසුව අවසන් වනු ඇතැයි විශ්වාස කරන බව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එහි සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ තුර්කියේ සිට තිරිඟු පිටි ආනයනය කළ තිරිඟුපිටි තොගය ඉදිරි සතියේදී මෙරටට ලැබීමට නියමිත බවයි.
රට තුළ තිරිඟු පිටි හිඟයක් නොමැති බව වෙළඳ අමාත්‍යවරයා පැවසුවද මේ වනවිට වෙළඳපොලේ තිරිඟු පිටි විවිධ මිල ගණන් යටතේ අලෙවි කෙරේ.