Home උණුසුම් පුවත් අවුරුදු 5ක් දක්වා මෙරටට තෙල් ණයට දෙන්න සවුදිය කැමතියි

අවුරුදු 5ක් දක්වා මෙරටට තෙල් ණයට දෙන්න සවුදිය කැමතියි

අවුරුදු 5ක් දක්වා මෙරටට තෙල් ණයට දෙන්න සවුදිය කැමතියි

වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 6ක ඉන්ධන වසර 5ක කාලයක් අඛණ්ඩව ණය පදනම යටතේ ලබාදීමට සෞදි අරාබි රාජ්‍ය මූලික එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙස ඉකුත් දා සෞදි අරාබියේ සංචාරයක නිරත වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා එරට බලධාරීන් සමග කළ සංචාරයක සාකච්ඡාවක දී මෙම මූලික එකඟතාව පළකර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

පස් අවුරුදු ණය සැලැස්මක් යටතේ ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම කෙරෙහි එම සාකච්ඡාවල දී අවධානය යොමු කර තිබේ.

ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස සෞදි අරාබි රාජ්‍යයේ සංචාරයක නිරත වූ අහමඩ් නසීර් මහතා ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නැයි ද එරට බලධාරීන් ගෙන් ඉල්ලා තිබේ.

කෘෂිකාර්මික, පොහොර නිෂ්පාදනය, ඛනිජ තෙල් ගබඩා පහසුකම්, ඉන්දන සැපයුම් ස්ථාන පිහිටුවීම පිරිපහදුව නවීකරණය සහ පුළුල් කිරීම ඛනිජ තෙල් සම්පත් අවස්ථා සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය කිරීම සඳහා සෞදි ආයෝජන ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිළිබඳ එහිදී සාකච්ඡා වී තිබේ.

ඇමති නසීර් අහමඩ් මහතා සෞදි උප විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඇති අතර එහිදී අහමඩ් මහතා සඳහන් කර ඇත්තේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුට ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කිරීමට සූදානමින් සිටින බව ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුදුරේදීම රියාද් අගනුවර සංචාරයක නිරත වනු ඇතැයි ද අහමඩ් මහතා එහිදී සෞදි බලධාරීන්ට දන්වා තිබේ.

නසීර් අහමඩ් මහතා සවුදියේ පරිසර, ජල හා කෘෂිකර්ම උප අමාත්‍යවරයා හමුවී ඇති අතර එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ කොහුබත් සවුදියේ හරිත ව්‍යාපෘතිය සඳහා භාවිත කළ හැකි බව ය.

එම ආයෝජන අවස්ථා සඳහා උනන්දු වන ලෙස ද එහිදී අහමඩ් මහතා සෞදි උප අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here