Home උණුසුම් පුවත් පිටරටවල පරණ වෙච්ච මාළු ටින් ලංකාවට ඇවිත්

පිටරටවල පරණ වෙච්ච මාළු ටින් ලංකාවට ඇවිත්

පිටරටවල පරණ වෙච්ච මාළු ටින් ලංකාවට ඇවිත්

මිනිස් පරිභෝජනයට නුසුදුසු තවත් ආනයනික ටින් මාළු තොගයක් කොළඹ පිටකොටුව තොග වෙළෙඳසල් වෙත ලැබී ඇතැයි එම වෙළඳසැල් ආරංචිමාර්ග සඳහන් කරයි.

විදේශ රටවල වසර තුන හතරකට අධික කාලයක් අධි ශීතාගාරවල තිබෙන මාලු ටින් කර ඒවා වෙනත් රටවලට යැවීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන අතර එවැනි තොගයක් ශ්‍රී ලංකාවට ද ලැබී ඇතැයි එම වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

වෙළඳපොලේ පවතින ටින් මාළු මිලට වඩා එක ටින් එකක් රුපියල් 100ක් හෝ 200ක් අඩු මිලට ඒවා අලෙවි කරන බව ද එම ටින් මාළු පරිභෝජනය කිරීමෙන් සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බව ද එම වෙළෙඳසල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මිනිස් පරිභෝජනයට නුසුදුසු මාලු ටින් විනාශ කිරීමට නියමිත නමුත් ඇතැම් ජාවාරම්කාර වෙළඳුන් ඒවා අඩු මිලට ලබාගෙන ජනතාවට අලෙවි කරන බව ද මෙය කලක සිට ක්‍රියාත්මක වන බව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

photo – File Photo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here