තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සහනාධාර දෙන ලැයිස්තුව අලුත් වෙයි

    සහනාධාර දෙන ලැයිස්තුව අලුත් වෙයි

    ජනතාවට සුභසාධන සහනාධාර ප්‍රතිලාභ ගෙවීම සදහා දීප ව්‍යාප්ත මට්ටමින් තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න මහතා කොළඹ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

    මේ වන විට සමෘද්ධි , වැඩිහිටි, වකුගඩු රෝගී සහ ආබාධිත ප්‍රතිලාභ ලබන්නන් මෙන්ම එම ආධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින්නන් ද නියමිත දත්ත පත්‍රිකා සම්පූර්ණ කර ග්‍රාමනිලධාරි මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට භාර දිය යුතු බව ද විජයරත්න මහතා කීය.

    නියමිත අයදුම්පත් සම්පූර්ණ කර ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, සමාජ සේවා නිලධාරී හෝ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරියාගේ සහතික කිරීමක් සහිතව එම අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට භාර දිය යුතු බවද ඔහු කීය.

    එම තොරතුරු අදාළ නිලධාරින් විසින් පරිගණකගත කර සියලු ඉල්ලුම්පත් සඳහා QR කේතයක් වෙන්කර එම වැඩපිළිවෙළ මේ මස 15 වැනිදා ආරම්භ කරන බවද ඔහු කීය.

    තෝරාගන්නා ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය ප්‍රදර්ශනය කරන අතර ජනතාවට අභියාචනා කිරීමටත් විරෝධතා දැක්වීමටත් අවස්ථාව ලබා දෙන බවද ඔහු කීය.

    විනිවිද භාවයකින් කටයුතු කර නියම සුදුස්සන්ට ප්‍රතිලාභ ලබා දීම සදහා වන මෙම වැඩසටහන යටතේ ලබන ජනවාරි මාසයේදී ජනතාවට සහනාධාර පිරිනමන බවද විජයරත්න මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img