Home උණුසුම් පුවත් ලබන වසරේ පාසල් පෙළපොත් මුද්‍රණයට කෝටි 1600ක්

ලබන වසරේ පාසල් පෙළපොත් මුද්‍රණයට කෝටි 1600ක්

ලබන වසරේ පාසල් පෙළපොත් මුද්‍රණයට කෝටි 1600ක්

ඉදිරි 2023 අධ්‍යයන වර්ෂය සඳහා පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීමට රුපියල් කෝටි 1648 ක් පමණ මුදලක් වැය වෙතැයි අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ කියයි.

ඒ අනුව නව අධ්‍යයන වර්ෂයට අවශ්‍ය පාසල් පෙළ පොත්වලින් සියයට 45 ක පමණ ප්‍රමාණයක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් ද අනෙකුත් සියයට 55ක ප්‍රමාණය පෞද්ගලික මුද්‍රණකරුවන් මගින් ද මුද්‍රණය කිරීමට නියමිත බව ද එම අංශය කියයි.

පාසල් පෙළ පොත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ඉන්දියානු ණය ආධාර යටතේ ආනයනය කරන බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

පාසල්වල 2023 නව අධ්‍යයන වර්ෂය ලබන මාර්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here