සංචාරකයින් වෙනුවෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ඇල්ල ඕඩීසී දක්වා ධාවනය කෙරෙන දුම්රිය තවත් ගමන් වාරයක් සඳහා එක් කර තිබේ.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ සඳහන් කළේ ලබන 08 වනදා සිට එම දුම්රිය සෑම බ්‍රහස්පතින්දා දිනකම අලුයම 05 යි 30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කරන බවයි.
සිකුරාදා දින එම දුම්රිය බදුල්ලෙන් පෙරවරු 09 යි 50 ට කොළඹ බලා ධාවනය කෙරේ.
පෙර පරිදිම සති අන්තයේද එම දුම්රිය ධාවනය කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ වැඩිදුරටත් සඳහන් කළේ ය.