මුල් පිටුව special මහත්මා ගාන්ධි සහ අරගලය

මහත්මා ගාන්ධි සහ අරගලය

✒️සටහන- නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර

මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ඉන්දියාව යටත් ව, ඉන්දියාවේ සම්පත් සූරාකෑමට ලක්වෙමින් තිබූ කාලයේ බ්‍රිතාන්‍යයේ ආධිපත්‍යයෙන් රට ගලවාගනු පිණිස ස්වදේශිකයන් සිදුකළ සන්නද්ධ අරගල අතර ප්‍රධානතම සන්නද්ධ අරගලය 1857 මහා සිපයි කැරැල්ලයි. ඒ මහා නිදහස් අරගලය නිර්දය මහා සමූලඝාතනයකින් පරාජය කෙරුණි.

(මංගල පාන්ඩේ, මානි කර්ණිකා වැනි චිත්‍රපට බලන්න)

ඉන්පසු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව සන්නද්ධ අරගල කිරීමෙන් ඇතිවන්නේ විනාශයක් පමණක් බව ඉන්දියානුවන්ට අවබෝධ විය. මන්දයත් මහා බ්‍රිතාන්‍යයේ අවි බලය, පුහුණු හමුදාවල ශක්තිය ඉදිරියේ සන්නද්ධ අරගල ප්‍රායෝගිකව සාර්ථක විකල්පයක් නොවීමයි. ගින්නෙන් සහ ඝාතනයෙන් සන්නද්ධ අරගල මර්දනය කිරීමට බ්‍රිතාන්‍යයන් සතුව බලය සහ ශක්‍යතාව තිබුණි.

මෙනිසා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ඉන්දියාව නිදහස් කර ගැනීමට නම් අනුගමනය කළ යුතු නිසි උපායමාර්ගය කුමක්ද කියා ඉන්දියානුවෝ කල්පනා කළහ.

“අහිංසා පරමෝ ධර්මෝ” නොහොත් අහිංසාව පරම ධර්මය බවට වූ සනාතන ධර්මයේ (හින්දු ධර්මයේ) ඉගැන්වීම තුළින් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගත හැකි බවට මහත්මා ගාන්ධි නම් නීතීඥයාට අදහසක් පහළ විය.

මේ අදහස අනුව දේශපාලනඥයෙකු ලෙස කැපවූ ඔහු අවිහිංසාවාදී සිවිල් විරෝධතා හරහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව ජනතාව පෙළ ගැස්වූයේය. එය ඉතාම ඉවසිලිවන්ත, දැඩි විනයකින් යුතු, දැඩි කැපවීමකින් සහ උපාය මාර්ගිකව දක්ෂ ක්‍රියාමාර්ගයක් විය. ගාන්ධි සාර්ථක විය.

වර්තමානයේ ඕනෑම මහජන අරගලයකට ගාන්ධිගෙන් උගත හැකි පාඩම් බොහෝය.

නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version