Home උණුසුම් පුවත් බෝ අත්තක් වැටී පාර අවහිරයි – අයින් කරන්න තෙල් නැතිලු

බෝ අත්තක් වැටී පාර අවහිරයි – අයින් කරන්න තෙල් නැතිලු

0
බෝ අත්තක් වැටී පාර අවහිරයි – අයින් කරන්න තෙල් නැතිලු

බෝ ගසක ප්‍රධාන අත්තක් කඩාවැටීම හේතුවෙන් මාදම්පේ – විලත්තව මාර්ගයේ ගමනාගමන කටයුතු වැල්ලරාව මංසන්ධියේදී අවහිර වී ඇත.

01 වැනිදා දහවල් 1.00 ට පමණ මෙම බෝ ගස කඩා වැටී ඇත.

බෝ ගසේ ප්‍රධාන අත්තක් කඩා වැටීම හේතුවෙන් විදුලිය රැහැන් සහ දුරකතන පද්ධතියටද,ගරාජයකටද හානි සිදුවී ඇත. මෙම හේතුවෙන් ප්‍රදේශයේ විදුලියද විසන්ධි වී ඇත.

දිරාගිය බෝ ගසේ ප්‍රධාන අතු කඩාවැටීමේ අවදානමක් ඇති බව මීට මාස 2 කට පමණ පෙර ප්‍රදේශවාසීන් විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ හලාවත විධායක ඉංජිනේරුවරයා දැණුවත් කිරීමට කටයුතු කර ඇත.

නමුත් නිසා ක්‍රියා මාර්ග නොගැනීම නිසා විශාල හානියක් සිදුවී ඇති බව ප්‍රදේශවාසීන් කියයි.

කඩා වැටී ඇති ගසේ අතු ඉවත් කිරීම සදහා ප්‍රදේශවාසීන්ගේ දැණුම් දීම අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණියද ඉන්ධන නොමැති කම ගැටළුවක් බව ඔවුන් කියා සිටියේය.

මාර්ගය අවහිර වීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් කළ වාහන විකල්ප මාර්ග ඔස්සේ හරවා යැවීමට මාදම්පේ පොලීසිය කටයුතු කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here