තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස් පෙළ සිසුන්ට පණිවිඩයක්

    උසස් පෙළ සිසුන්ට පණිවිඩයක්

    අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසී ය.

    ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ 2022 විභාගය සඳහා මේ මස 8 වැනි දින දක්වා අයදුම්පත් භාර ගන්නා බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

    පාසල් අයදුම්කරුවන්ට විදුහල්පති මගින් ද පෞද්ගලික අයදුම්කරුවන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මගින් ද එම අයදුම්පත් මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කළ හැකි බව ද විභාග කොමසාරිස් කොමසාරිස්වරයා කීය.

    මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 1911 සෘජු දුරකථන අංකයට ඇමතිය හැකි බවද ඔහු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img