Home උණුසුම් පුවත් අඩුමිල දේශීය ටින්මාළු එපා කියා සතොස වැඩිමිලට රටින් ගෙන්නයි

අඩුමිල දේශීය ටින්මාළු එපා කියා සතොස වැඩිමිලට රටින් ගෙන්නයි

අඩුමිල දේශීය ටින්මාළු එපා කියා සතොස වැඩිමිලට රටින් ගෙන්නයි

ලංකා සතොස ආයතනය වැඩිමිලට මාලු ටින් 75000ක් මිලදී ගැනීමට ටෙන්ඩරයකට අද පෙරවරුවේ අනුමැතිය ලබාදී ඇතැයි ලංකා සතොස සේවකයෝ චෝදනා කරති.

ග්‍රෑම් 425 ක මාළු ටින් එකක් රුපියල් 620 ක මිලකට ලංකා සතොස ආයතනයට ලබාදීමට දේශීය ටින්මාළු නිපදවන්නන්ගේ සංගමය එකඟතාවය පළ කර තිබියදී එම ආයතනය එය ප්‍රතික්ෂේප කර ආනයනික මාලු ටින් එකක් රුපියල් 700 ක මුදලකට මිලදී ගැනීමට අද ටෙන්ඩරයකට අනුමැතිය ලබාදී තිබු බවද ලංකා සතොස සේවකයෝ කියති.

මෙලෙස ආනයනික මාලු ටින් හැත්තෑ පන්දහසක් වැඩි මිලකට ලබා ගැනීමෙන් ලංකා සතොස ආයතනයට අහිමි වන මුදල රුපියල් ලක්ෂ 60 කට ආසන්න වන බවද ඔවුහු පෙන්වා දෙති.

ලංකා සතොස පාලනාධිකාරිය වංචා සහගත ලෙස කටයුතු කරමින් දැන් මාළු මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී ආනයනික ටින් මාළු පමණක් යනුවෙන් කොන්දේසියක් යොදා තිබීම නිසා දේශීය ටින් මාළු නිෂ්පාදකයින්ට එම ටෙන්ඩරයට ඉල්ලුම් කිරීමට නොහැකි වූ බව ද ලංකා සතුටු සේවකයෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here