Home උණුසුම් පුවත් ආනයන සීමාවෙන් වැසිකිළියෙත් අර්බුදයක්

ආනයන සීමාවෙන් වැසිකිළියෙත් අර්බුදයක්

ආනයන සීමාවෙන් වැසිකිළියෙත් අර්බුදයක්

රජය පැනවූ ආනයන සීමා හේතුවෙන් රෝහල්වලට අවශ්‍ය ශල්‍ය ඇඳ ඇතිරිලි සහ අනෙකුත් ටිෂූ නිෂ්පාදනවල හිඟයක් මතුවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

වැසිකිලි සඳහා භාවිතා කරන ටිෂූ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍යවලට ආනයනය සීමා කිරීම හේතුවෙන් බරපතළ තත්ත්වයක් ඉදිරියේ දී ඇතිවිය හැකි බවද එම ආරංචි මාර්ග කියයි.

වැසිකිලි tissue සංචාරක කර්මාන්තයට ද ඉතා අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන අතර සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ගන්නා උත්සාහයේදී ඒවා සීමා කිරීම ප්‍රශ්නකාරී බවද බවද සංචාරක කර්මාන්තකරුවෝ කියති.

වැසිකිලි ටිෂූ සංචාරක හෝටල්වලට, රෝහල්වලට සහ ගුවන් සමාගම්වලට ඉතා අත්‍යවශ්‍ය භාණ්ඩයක් යැයිද ඒවා සීමාකිරීම විශ්මය ජනක පියවරක් බවද ඔවුහු පවසති.

රටට ඩොලර් සපයා ගැනීමට රජය විවිධ උත්සාහයන් දරමින් තිබුණද ‘ටොයිලට් ටිෂූ කෑල්ලක්වත්’ නැති රටකට සංචාරකයින් පැමිණේවී යැයි සැක සහිත බව ද සංචාරක කර්මාන්ත කරුවෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here