තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගිනිගෙන මුහුදුබත් වූ නැව නිසා වෙරළ සුද්ද කරන්න රු. කෝටි නවයක් ගිහින්

    ගිනිගෙන මුහුදුබත් වූ නැව නිසා වෙරළ සුද්ද කරන්න රු. කෝටි නවයක් ගිහින්

    මෙරට මුහුදු සීමාවේදී ගිණිගෙන මුහුදුබත්වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් ( M.V Express Pearl ) නෞකාවෙන් නිකුත්වූ ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය ඉවත්කොට මන්නාරම සිට හම්බන්තොට කිරින්ද දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමට මේ වනවිට රුපියල් නව කෝටි තිස් අටලක්ෂ පනස්හත් දහස් දෙසීය අනූ තුනක (903,857,293.01) මුදලක් වැයවී ඇති බව සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

    එහි සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය සඳහන් කළේ මුහුදුබත්වූ එම නෞකාවේ බහාලුම්වලින් නිකුත්වන ප්ලාස්ටික් හා රසායන ද්‍රව්‍යයන් ඉවත්කොට මෙරට මුහුදු තීරය සම්පූර්ණයෙන්ම පිරිසිදුකිරීමට තවත් වසර කිහිපයක්ම ගතවනු ඇතිබවයි.

    මේ වනවිට නෞකාවෙන් නිකුත්වූ ප්ලාස්ටික් පබළු හා රසායන ද්‍රව්‍යයන් මෙට්ට්‍ර්ක් ටොන් 1600 ක ප්‍රමාණයක් පමුණුගම ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් ගබඩාවල තැන්පත්කර තිබෙන බවත් නීති උපදෙස් මත ඒවා සම්බන්ධ ඉදිරි පියවර ගන්නා බවත් ඇය සඳහන් කළාය.

    සිංගප්පූරු ධජය යටතේ භාණ්ඩ රැගෙන යාත්‍ර කරමින් තිබූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් ප්‍රවාහන නෞකාව කොළඹ වරායට නාවික සැතපුම් 9ක් දුරින් ගිණි ගෙන මුහුදුබත් වූයේ පසුගිය වසරේ ජුනි මස 02 වැනිදාය.

    නෞකාවේ ගබඩාකර තිබූ නයිට්‍ර්ක් අම්ල හේතුවෙන් මෙම ගිණි ගැනීම සිදුවූ අතර නැව මුහුදු බත්වීමට පෙර ඇතිවූ පිපිරීමක් හේතුවෙන් එහි තිබූ බහාලුම් 1486 න් යම් ප්‍රමාණයක් මුහුදට වැටුණි. මෙම බහාලුම්වල තිබූ රසායනික ද්‍රව්‍ය හා ප්ලාස්ටික් පබළු මුහුදු ජලය සමඟ මිශ්‍ර වීමෙන් මන්නාරම සිට හම්බන්තොට කිරින්ද දක්වා වූ කිලෝමීටර 746 ක මුහුදු කලාපය සම්පූර්ණයෙන්ම දූෂණයට ලක්විය.

    ඉන් වැඩිම හානියක් සිදුව ඇත්තේ මීගමුව කළපුව ආශ්‍රීත ප්‍රදේශයට, මීගමුව වෙරළ තීරයට සහ පමුණුගම සක්කු කන්ද වෙරළ කලාපයටය.

    එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විසිරුණු අපද්‍රව්‍ය හේතුවෙන් අපවිත්‍රවූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු පසුගිය වසරේ මැයි මස 20 වැනිදා සිට මේ දක්වා සිදු කරනු ලබයි.

    මේ වනවිට ස්ථාන 2723 කදී එම පිරිසිදු කිරීම් කටයුතු සිදුවන අතර එමඟින් කිලෝමීටර 746 ක දුර ප්‍රමණයක් ආවරණය කරනු ලබයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img