Home උණුසුම් පුවත් සියලු සරසවි ‍ඇරෙන දිනය

සියලු සරසවි ‍ඇරෙන දිනය

සියලු සරසවි ‍ඇරෙන දිනය

රට පුරා සියලුම විශ්ව විද්‍යාල සැප්තැම්බර් මස අවසානයට පෙර ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා යළි විවෘත කළ ද කිසියම් ශිෂ්‍යයකුට අවශ්‍ය නම් තවදුරටත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ද දේශනවලට සහභාගී විය හැකි බව මහාචාර්ය අමරතුංග මහතා කීය.

ඒ අනුව රටපුරා රට පුරා සියලූ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු මුහුණට මුහුණලා සහ අන්තර්ජාලය ඔස්සේ යන ක්‍රම දෙකෙන්ම සැප්තැම්බර් මාසයේ සිට පැවැත්වෙන බවද ඔවුන් සඳහන් කළේ ය.

ඇතැම් විශ්ව විද්‍යාලවල අධයන කටයුතු මේ වන විටත් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන අතර තවත් විශ්ව විද්‍යාල කිහිපයක විභාග පැවැත්වෙන බවද ඔහු කීය.

covid වසංගත තත්වය හමුවේ වුවද සියළු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ඉකුත් කාලයේදී මාර්ගගත ක්‍රමය ඔස්සේ අඛණ්ඩව සිදු කළ බව ද මහාචාර්ය අමරතුංග මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here