මුල් පිටුව උණුසුම් පුවත් හැම මාසෙම ගාණ වෙනස් වෙන ගෑස් මිල සූත්‍රයක්

හැම මාසෙම ගාණ වෙනස් වෙන ගෑස් මිල සූත්‍රයක්

0

ගෘහස්ථ වර්ගයේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සඳහා සංශෝධිත මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.

මිල සූත්‍රය මත පදනම්ව සෑම මාසයකම 05 වන දින ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීම මෙමගින් සිදුවේ.

අඛණ්ඩව ගෘහස්ථ ගෑස් සැපයුම තහවුරු කිරීමේ අරමුණින් පිරිවැය නිරූපිත මිල සූත්‍රයක් නොපමාව ක්‍රියාත්මක කිරීම ද මෙමගින් අපේක්ෂිත ය.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version