මුල් පිටුව උණුසුම් පුවත් රජ ගෙදරට මුලින්ම රිංගූ අරගලකරු අධිකරණයට

රජ ගෙදරට මුලින්ම රිංගූ අරගලකරු අධිකරණයට

0

ජනාධිපති මන්දිරයට ඉකුත් ජූලි 09 වෙනිදා අරගලකරුවන් කඩා වදින අවස්ථාවේදී මුලින්ම එහි ඇතුළු වූයේ තමන් බව සඳහන් කරමින් සජීවී ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කළ අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු අද කොම්පඤ්ඤවීදිය පොලීසියට පැමිණ භාරවී තිබේ.

ඒ පොලීසිය ඔහුව සොයා අවස්ථා කිහිපයකදීම නිවසට ගොස් කළ පරීක්ෂා කිරීමකින් අනතුරුවය.

අරගලකරු පොලිස් ස්ථානයට පැමිණ මාධ්‍ය අමතමින් සඳහන් කරනු ලැබුවේ පොලීසිය ඔහුව සොයා අවස්ථා කිහිපයකම නිවසට පැමිණ ඇති බැවින් මෙසේ පැමිණ භාරවීමට තීරණය කළ බවය.

ඒ අනුව කොම්පඤ්ඤවීදිය පොලීසියේදී කොළඹ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගත්තේය. පොලීසිය පවසන්නේ ඔහුව අධිකරණයට ඉදිරිපත් කිිරීමට පියවර ගන්නා බවයත

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version