Home උණුසුම් පුවත් ලබන අඟහරුවාදා අලුත් විදුලි ගාස්තු එයි

ලබන අඟහරුවාදා අලුත් විදුලි ගාස්තු එයි

ලබන අඟහරුවාදා අලුත් විදුලි ගාස්තු එයි

සංශෝධිත විදුලි ගාස්තු අඟහරුවාදා (9) ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වන වි⁣ශේෂ සාකච්ඡාවක් හෙට (8) මුදල් අමාත්‍යංශයේදී පැවැත්වෙන බවයි.

නව විදුලි ගාස්තු සංශෝධනය හා අඩුආදායම් ලාභීන්ට ලබාදෙන සහන පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙන බවද ඔහු සඳහන් කළේය.

ඉන් පසුව අනිද්දා දිනයේදී මාධ්‍ය හමුවක් පවත්වා සංශෝධිත විදුලි ගාස්තු ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here