Home උණුසුම් පුවත් තලවිල දේව මංගල්‍යයට ලක්ෂ 3කට අධික ජනකායක්

තලවිල දේව මංගල්‍යයට ලක්ෂ 3කට අධික ජනකායක්

0
තලවිල දේව මංගල්‍යයට ලක්ෂ 3කට අධික ජනකායක්

තලවිල ශාන්ත ආනා මුනිවරියගේ දේවස්ථනයේ වාර්ෂික මංගල්‍ය 07 වැනිදා පෙරවරුවේ හලාවත සහ මහනුවර රදගුරු අති උතුම් වැලන්ස් මෙන්දිස් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලක්ෂ 03 කට අධික ජනතාවක් මෙවර වාර්ෂික මංගල්‍යයට සහභාගි වීම සදහා පැමිණ සිටියේය.

මංගල්‍ය අවසානයේදී නාවුක හමුදා භටයින් විසින් සාම්ප්‍රදායනුකූලව ඓතිහාසික ශාන්ත ආනා මුනිවරියගේ ප්‍රතිමාව වීථි සංචාරය සිදු කරන ලදි.

අනතුරුව රදගුරු තුමන් විසින් ආනා මුනිවරියගේ ප්‍රතිමාවෙන් පැමිණ සිටින පිරිස ආසිරි ගැන්වීමෙන් අනතුරුව මංගල්‍ය නිමාවට පත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here