මුල් පිටුව උණුසුම් පුවත් ලංවිම ප්‍රතිව්‍යූහගත කරන හැටි කියන්න කමිටුවක්

ලංවිම ප්‍රතිව්‍යූහගත කරන හැටි කියන්න කමිටුවක්

0

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මසක් ඇතුළත නිර්දේශ යෝජනා කිරීමට 8 දෙනෙකුගෙන් යුත් කමිටුවක් ඊයේ පත් කර තිබේ.

එම කමිටුව පහත සාමාජිකයන්ගෙන් සමන්විත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

  1. ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග – මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්
  2. එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ – විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්
  3. ආචාර්ය සුසන්ත පෙරේරා – ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සහකාර සාමාන්‍යාධිකාරී
  4. තිලාන් විජේසිංහ – ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති
  5. සාලිය වික්‍රමසූරිය – ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ සභාපති සහ වරාය නගර ආර්ථික කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්,
  6. ජනාධිපති නීතීඥ නිහාල් ජයවර්ධන – රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු නීති උපදේශක
  7. නීතීඥ හර්ෂ ප්‍රනාන්දු – නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ
  8. චන්දන විජේසිංහ – විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version