Home උණුසුම් පුවත් නවසීලන්ත මහකොමසාරිස් – අනුර හමුවෙන්නත් යයි

නවසීලන්ත මහකොමසාරිස් – අනුර හමුවෙන්නත් යයි

නවසීලන්ත මහකොමසාරිස් – අනුර හමුවෙන්නත් යයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් අද (04) දින පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

මෙම හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සහ නියෝජ්‍ය මහකොමසාරිස් ඇන්ඩෘෘ ට්‍රැවලර් මහතා සහ එම කාර්යාලයේ ප්‍රතිපත්ති උපදේශිකා සුමුදු ජයසිංහ මහත්මියද එක්ව සිටියහ.

මෙහිදී මේ වන රට තුළ පවතින ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡා කරන ලද අතර ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එසේම දෙපාර්ශ්වය අතර අනෝන්‍ය අවබෝධය වැඩි කර ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here