Home උණුසුම් පුවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පහළ ගිහින්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පහළ ගිහින්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පහළ ගිහින්

සීනි, පරිප්පු, අල, ලූණු , මිරිස් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි පිටකොටුව වෙළඳ සංගමය පවසයි.

එම සංගමයේ විධායක කමිටු සාමාජික දේව පුරන් මහතා පවසන්නේ රුපියල් 600 ක්ව පැවති පරිප්පු තොග මිල රුපියල් 410ක් ලෙසත්, රුපියල් 330ක් පැවති සීනි තොග මිල රුපියල් 270 ක් ලෙසත්, රුපියල් 215 ක් ව පැවති අර්තාපල් තොග මිල රුපියල් 150 ක් වශයෙන් මිල අඩුවී ඇති බවයි.

එමෙන්ම රුපියල් 600ක් ව පැවැති සුදු ලුණු තොග මිල රුපියල් 420ක් ලෙසත්  රුපියල් 180ක් ව පැවති රට ලුණු තොග මිල රුපියල් 130 ලෙසත් රුපියල් 1900ක් ව පැවැති මිරිස් කිලෝව රුපියල් 1300ක් ලෙසත් මිල පහළ බැස ඇතැයි ඔහු සඳහන් කළේය.

ඩොලරයක මිල ස්ථාවර වීම සහ බැංකු මගින් ඩොලර් නිකුත් කිරීම හේතුවෙන් මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ යාමට හේතු වී ඇතැයිද ඔහු තවදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here