තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්TNA - වෙල්ගම - රතන හිමි හදිසියේම ජනපති හමුවුණේ ඇයි?

    TNA – වෙල්ගම – රතන හිමි හදිසියේම ජනපති හමුවුණේ ඇයි?

    සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි ජනාධිපති කාර්යාලයේ දී අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබේ.

    දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩෛක්කලාදන්, එස්. රාසමානික්කම් යන මහත්වරු ඇතුළු මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡාවට එක්ව සිටියහ.

    සර්ව පාක්ෂික රජයක් පිළිබඳ සිය පක්ෂයේ අදහස් ඔවුහු දීර්ඝ ලෙස ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ.

    මේ වන විට ගැසට් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අන්තර්කාලීන අයවැය පිළිබඳව ද ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කළේය.

    කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු විජය ධරණි ජාතික සභාව ද අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කළහ.

    අද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණ.

    සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා රජය සහ දේශපාලන පක්ෂ අතර පැවැත්වෙන සාකච්ඡා ඊයේ ආරම්භ කෙරණු අතර අද පැවැත්වුණේ එහි දෙවන සාකච්ඡා වටයයි.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සාකච්ඡාවන්ට එක්ව සිටියහ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img