නෙදර්ලන්ත රජය විසින් එරට තුල දැඩි ජල හිඟයක් නිර්මාණය වී ඇති බවට නිල වශයෙන් අද (03) දින නිවේදනය කරනු ලැබීය.
ඒ් අනුව ඉදිරි සති දෙකක පමණ කාලය තුලදී එරටට නිසි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය නොහැකි බවද එරට රජය සඳහන් කළේය.
මේවන විට යුරෝපයට දැඩි වියලි කාලගුණ තත්ත්වයක් බලපා ඇති අතර ඒ් හේතුවෙන් රටවල් රැසකම ලැවි ගිනි කිහිපයක්ම වාර්තාවිය.
උද්ගතවී ඇති මෙම තත්ත්වය හේතුවෙන් නෙදර්ලන්තයද දැඩි බලපෑමකට ලක්ව තිබේ. නෙදර්ලන්තයේ සමස්ථ ජනගහනයෙන් තුනෙන් දෙකක්ම මුහුදු මට්ටමට පහළින් වාසය කරයි. ඒ අනුව නියං තත්ත්වය හේතුවෙන් ගංගා වලට ජල මට්ටම අඩිවීම එරට ජල සැපයුමට විශාල භාදාවක් බවට පත්ව ඇත.
යුරෝපයේ රටවල් කිහිපයක් හරහා ගලා යන රයින් ගංඟාවේ ජල මට්ටම පහළයෑම හේතුවෙන් එහි ගමන් කරන යාත්‍රා වලටද දැඩි භාදාවක් එල්ලවී තිබේ. ඒ අනුව ජර්මනියේ ලෝහ නිෂ්පාදකයින්ට සහ බලශක්ති නිපදවන්නට අවශ්‍ය කරනු ලබන ගල් අඟුරු ප්‍රවාහනයටද භාදා පැමිණි ඇත. ඒ අනුව මේනව විට ගල් අඟුරු ප්‍රවාහන ධාරිතාව අඩකින් අඩුවී ඇති බවදට වාර්තා වේ.
නෙදර්ලන්ත යටිතල පහසුකම් සහ ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේ, අඟහරුවාදා වන විට, රයින් හරහා ජලය තත්පරයට ඝන මීටර් 850 ක වේගයක් පවතින බවයි. ඒ අනුව අනෙකුත් වසර වලට සාපෙක්ව මෙවර ජල මට්ටම ඉතාම පහළ අගයක පවතින බවද හෙතෙව පවසා ඇත.