Home උණුසුම් පුවත් මහබැංකුවේ ඉල්ලීම නිසා ලැබෙන ඩොලර් ටිකත් නැතිවෙයිද?

මහබැංකුවේ ඉල්ලීම නිසා ලැබෙන ඩොලර් ටිකත් නැතිවෙයිද?

මහබැංකුවේ ඉල්ලීම නිසා ලැබෙන ඩොලර් ටිකත් නැතිවෙයිද?
E

මෙරටින් අපනයනය කරන භාණ්ඩ සදහා ලැබෙන ඩොලර් ආදායම සම්පූර්ණයෙන්ම රුපියල් බවට පරිවර්තනය කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කරන ලද ඉල්ලීම පදනම් විරහිත ප්‍රායෝගික නොවන එකකැයි අපනයනකරුවෝ පවසති.

මෙරටින් අපනයන කරන භාණ්ඩ සදහා ලැබෙන සියලු ඩොලර් ආදායම රුපියල් බවට පරිවර්තනය කළහොත් ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ හැකියාවක් නොමැති බවද ඔවුහු පෙන්වා දෙති.

මෙරට බැංකු පද්ධතියෙන් ඩොලර් ලබා ගත නොහැකි නිසා යම් ඩොලර් ප්‍රමාණයක් විදෙස් බැංකුවල රඳවා ගැනීමටත් ඒවායින් අමුද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය හෙයින් 100%ක්ම රුපියල් බවට පරිවර්තනය කිරීමේ යෝජනාව රත්තරන් බිත්තර දමන කිකිළිය වෙඩිතබා ඝාතනය කිරීමක් බවද අපනයනකරුවෝ සඳහන් කරති.

බැංකු පද්ධතියෙන් ණයවර ලිපි නිකුත් නොකරන නිසා සහ ඩොලර් හිඟයක් පවතින නිසා එවැනි පියවරක් ගතහොත් සම්පූර්ණයෙන්ම අපනයන කර්මාන්තය කඩා වැටෙන බවද ඔවුහු සඳහන් කරති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here