Home උණුසුම් පුවත් ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමේ යෝජනාවක්

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමේ යෝජනාවක්

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමේ යෝජනාවක්

ඉදිරි සති කිහිපයේදී ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධව විවිධ පාර්ශ්වයන්හි අදහස් හා යෝජනා ලබා ගැනීමට ද අමාත්‍යවරයා තීරණය කර තිබේ.

ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට නම් ප්‍රබල වල්පැළැටි නාශකයක් වන ග්ලයිපොසේට් තහනම් කිරීමේ ගැසට්ටුව ඉවත් කළ යුතු බවට කෘෂි විද්වතුන්, ගොවි නියෝජිතයින්, ගොවි සංවිධාන මෙන්ම බීජ හා පැළ නිෂ්පාදකයින්ගේ සමිති හා බඩඉරිගු ආනයනකරුවන්ගේ සංගමයේ අදහස් හා යෝජනා සලකා බලා මෙම පියවර ගෙන තිබේ.

1 COMMENT

  1. ග්ලයිපෝසේට් ආනයනය තහනම් කිරිමට සම්බන්ද වූ සියලු දෙනාගෙන් පුද්ගලික විස්තර රැස්කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here