
පසුගිය ජූලි මාසයේදී විදෙස් සංචාරකයින් 43,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එහි අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සඳහන් කළේ ඒ අනුව මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ පැමිණීම මේවනවිට ක්‍රමානුකූලව ඉහළ යමින් ඇති බවයි.
ඒ අනුව මෙම මාසය තුළදී සංචාරකයින්ගේ පැමිණීම තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්‍ෂා කරන බවද ඇය සඳහන් කළේය.
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් ප්‍රවාහනය කරන රථවාහනවලට මෙන්ම සංචාරක හෝටල්වල විදුලි ජනන යන්ත්‍ර ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහා ද ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් දැනටමත් ක්‍රියාත්මක ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළේය.