Home උණුසුම් පුවත් ලීට්‍රෝ ගෑස් පොලිම් අවසන්

ලීට්‍රෝ ගෑස් පොලිම් අවසන්

ලීට්‍රෝ ගෑස් පොලිම් අවසන්

මෙම මස තුළ ගෑස් මෙට්‍රික්ටොන් 33,000 ක් බෙදාහැර ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා පවසයි.

ඒ අනුව දිනකට ගෑස් සිලින්ඩර ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් බෙදාහරිමින් සිටින බව ඔහු සඳහන් කළේ ය.

ලිට්‍රෝ සමාගම සියලුම ගෑස් අළෙවි නියෝජිතයන්ට ගෑස් නිකුත් කරන බවත් කොළඹ නගර තුළ කිසිඳු ගෑස් ගැටලුවක් නැති බව ඔහු සඳහන් කරයි.

ගෑස් ප්‍රශ්නය හේතුවෙන් වසා දමා තිබූ කර්මාන්ත සහ ආපනශාලා වැඩි ප්‍රමාණයක් මේ වන විට නැවත විවෘත කර ඇති බව කී කේතේෂ්වරම් මහතා ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය. 

ඒ අනුව මේවනවිට ගෑස් පෝලිම් අවසන් කර තිබෙන බව ලිට්‍රෝ සමාගමේ මාධ්‍ය ප්‍රකාශකයකවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here