Home උණුසුම් පුවත් මහ කන්නයේ වී වගාවෙන් 30%ක් කාබනික පොහොරවලින් කරන්න සූදානමක්

මහ කන්නයේ වී වගාවෙන් 30%ක් කාබනික පොහොරවලින් කරන්න සූදානමක්

මහ කන්නයේ වී වගාවෙන් 30%ක් කාබනික පොහොරවලින් කරන්න සූදානමක්

ඉදිරි මහ කන්නයේදී වී වගාව, 70%ක් රසායනික පොහොර සහ 30%ක් කාබනික පොහොර භාවිතයෙන් සිදු කිරීමට නිර්දේශ කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂි විද්වතුන්ගේ සහභාගීත්වයෙන් අද (27) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව අමාත්‍යංශය නිවේදනය කළේය.

විද්‍යාත්මක දත්ත පදනම් කර ගනිමින් ඒකාබද්ධ ශාක පෝෂණ කළමනාකරණ වැඩපිළිවෙළ යටතේ ඉදිරි මහ කන්නයේදී සාර්ථක වී අස්වැන්නක් ලබා ගැනීම අරමුණු කර ගනිමින් වී වගාවේදී පොහොර භාවිත කළයුතු අනුපාත තීරණය කිරීම සඳහා එම හමුව කැඳවා තිබුණි.

සාර්ථක වී අස්වැන්නක් ලබා ගැනීම සඳහා එවැනි විධිමත් පියවරක් අනුගමය කළ බව විද්වතුන් එහිදී පෙන්වා දී තිබේ.

රසායනික පොහොර ලබා දීමේදී රජය ඊට මැදිහත්වන වීමට සහ කාබනික පොහොර ගැනීමේදී ගොවීන්ට සිය කැමැත්ත පරිදි තෝරාගැනීමට අවස්ථාව දීමට එහිදී තීරණය කෙරිණ.

ගොවීන් කාබනික පොහොර යොදන්නේ නම් ඒ සඳහා සහනාධාරයක් වුවද දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අදාළ තීරණය, අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ද එහිදී තීරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here