Home උණුසුම් පුවත් හෙට පාර්ලිමේන්තුවේ සිදුවන විශේෂ දෙයක් ගැන ඉඟි

හෙට පාර්ලිමේන්තුවේ සිදුවන විශේෂ දෙයක් ගැන ඉඟි

හෙට පාර්ලිමේන්තුවේ සිදුවන විශේෂ දෙයක් ගැන ඉඟි

පාර්ලිමේන්තුව හෙට (27) රැස්වීමෙන් පසුව අවසන් කෙරෙනු ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26)පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදි ඒ බව ඉඟි කෙරෙුණු බව එම ආරංචි මාර්ග කියාසිටී.

ඒ අනුව ඉතා කෙටි කාලයකට එනම් සතියකට හෝ දෙසතියක කාලයක් සඳහා පාර්ලිමේන්තු වාරඅවසන් කෙරෙනු ඇති බව සඳහන් ය.

මේ අතර පාර්ලිමේන්තුවේ සභානායකවරයා හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරු සඳහා හෙට දිනයේදී පත්කිරීම් සිදුකිරීමට ද නියමිතයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා ලෙස අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්වරුන් පත්කෙරෙනු ඇතැයිද ආණ්ඩුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි වැඩපිළිවෙළ සඳහා සහය දෙන බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාට සහතික වී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව මෙයයි.

ඒ සඳහා ඒ .එල් .එම් අතාවුල්ලා ඇතුළු ජාතික කොන්ග්‍රසයේ හා ජීවන් තොන්ඩමන් ඇතුලු ලංකා කම්කරු කොන්ග්‍රසයේ, මන්ත්‍රීවරුන්ද එක්ව සිටි බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here