ජනාධිපතිධූරය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් සමඟ වෙන් වෙන්ව සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ 10 තීරණය කරයි.
එම පක්ෂ 10 නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ එම සාකච්ඡාවලදී අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන බවයි.
ජනාධිපතිධූරයට ඉදිරිපත්වන අපේක්ෂකයන් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අද (16) දිනයේදී අවසන් තීරණයකට එළඹෙන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
එමෙන්ම ජනාධිපති ධූරයට තරඟකරන බවට ප්‍රකාශ කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සමඟ පොදු සම්මුතියක් ඇති කර ගැනීමට හැකි නම් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ද තම පක්ෂය සූදානම් බව ඔහු සඳහන් කළේය.
ජනාධිපති අපෙක්ෂකයකුට සහය දක්වන්නේ ද? නැද්ද සම්බන්ධයෙන් තම පක්ෂය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ජාතික ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (16) හෙට (17) නිවේදනය කරනවා බවයි.
මේවනවිට තම පක්ෂයද අනෙකුත් දේශපාලන පක්ෂ හා ජනාධිපති ධූරයට ඉදිරිපත්වන අපේක්ෂකයන් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙන බවද ඇය සදහන් කළා.