නැවත දැනුම් දෙන තෙක් රටවල් කිහිපයක් සඳහා තැපැල් භාණ්ඩ භාර ගැනීම අත්හිටවූ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරයි.
ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය, රැසියාව,ඊශ්‍රායලය යන රටවල් සඳහා තැපැල් භාණ්ඩ භාරගැනීම අත්හිටවූ බව තැපැල්පතිවරයා පවසයි.
කෙසේ වෙතත් මෙම ගමනාන්ත සඳහා ගුවන් තැපැල් ප්‍රවාහනය නැවත ආරම්භ කිරීම සඳහා විදේශීය ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙරටට පැමිණෙන ගුවන් ගමන් සීමාවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් පැවසීය.