Home උණුසුම් පුවත් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න විශේෂ සාකච්ඡා කිහිපයක් අද

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න විශේෂ සාකච්ඡා කිහිපයක් අද

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න විශේෂ සාකච්ඡා කිහිපයක් අද

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡා කිහිපයක් අද (10) දිනයේදී පැවැත්වෙන බව දේශපාලන ආරංචි මර්ග සඳහන් කරයි.

සමගි ජන සන්ධානයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (10) පැවැත්වීමට නියමිත අතර එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සහ මතුවී ඇති දේශපාලන තත්ත්වය, ඉදිරියේදී ගත යුතු කඩිනම් දේශපාලන තීන්දු රැසක් ගැනීමේ අරමුණින් අද පෙරවරුවේ එම රැස්වීම පැවැත්වෙන බවයි.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකිම්, දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදින් ඇතුළු සමගි ජන සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින් මෙම විශේෂ පක්ෂ නායක රැස්වීමට සහභාගිවීමට නියමිතයි.

මේ අතර ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ 9 කණ්ඩායමේ නායකයින්ගේ හමුවක් ද අද පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උපසභාපති වීරසුමන වීරසිංහ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here