Home උණුසුම් පුවත් අදයි හෙටයි නැව් දෙකක් එයි

අදයි හෙටයි නැව් දෙකක් එයි

අදයි හෙටයි නැව් දෙකක් එයි

ගෑස් මෙට්‍රික්ටොන් 3700 බැගින් රැගත් නෞකා දෙකක් අද (10) සහ හෙට (11) දිනයේදී මෙරටට ලඟාවීමට නියමිතව ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ අද දිනයේදී මෙරටට ලඟාවීමට නියමිත නෞකාවේ ගෑස් හෙට (11) දිනයේ සිටම බෙදාහැරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව ඉදිරි දින දෙක ඇතුළත කොළඹ නගරයේ තෝරා ගත් ස්ථාන 140 කදි ගෑස් සිලින්ඩර් 140,000 ක් බෙදා හැරීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ අතර ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50 කින් පමණ වැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 කින් පමණ වැඩි කළ යුතු වුවත්, ජනතාව විඳින පීඩාවන් පිළිබඳව අවධානය යොමු කර රුපියල් 50 කින් පමණක් මිල වැඩි කිරීමට තීරණය කර ඇති බවද එහි සභාපති මුදිත පිරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here