Home දේශීය පුවත් ජනමතයට හිස නමා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතුය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

ජනමතයට හිස නමා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතුය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

ජනමතයට හිස නමා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතුය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

වසර ගණනාවක සිට ජනතා පීඩාකාරී පාලනයක් ගෙන ගිය රජයට අවස්ථා ගණනාවක දී වැරදි නිවැරදි කරගැනීමට සහ නිවැරදි තීන්දු ගන්නා ලෙස දිගින් දිගට විවිධාකාරයෙන් ඉල්ලීම් සහ ආයාචනා සිදු කළත් අදාළ තීන්දු තීරණ කඩිනම්ව ගැනීමට අපොහොසත් වීම මත දවසින් දවස රට අරාජික තත්වයට පත්විය.

අවසානයේ දී රටේ ජනතාව අරගලයක් දක්වා වේදනාකාරී අත්දැකීම් ගෙනගිය අතර, අද වන විට ජනාධිපති කාර්යාලයත්, ජනාධිපති මන්දිරයත්, යුක්තිය උදෙසා අරගල කළ අරගලකරුවන් විසින් අත්පත් කර ගෙන තිබේ.

ඔවුන්ගේ එකම ඉල්ලීම වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවත්, රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයාට ද එම ධූරය දැරීමට ජනවරමක් නොමැති බවයි.
සෑම දෙනාම පිළිගන්නා සර්ව පාක්ෂික රජයක් බිහිකොට රටේ ප්‍රශ්න ගැටලු විසඳීමට වහා කටයුතු කිරීමට ඉඩප්‍රස්ථාව සලසා දෙමින් ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයා එම ධූරයන්ගෙන් වහා ඉල්ලා අස්විය යුතුබව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයයි. පැය 24 ක් ඇතුලත ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු අතර, සර්ව පාක්ෂික රජයක් පිහිට විමට සියළු පක්ෂ වලට අරාධනා කරමින් අග්‍රාමාත්‍යවරයාද ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිරණයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here