Home උණුසුම් පුවත් ඉන්ධන හිඟය හමුවේ කාලසටහන් වෙනස් වුවත් ගුවන් වාර අවලංගුවීම් නෑ – ශ්‍රී ලන්කන්

ඉන්ධන හිඟය හමුවේ කාලසටහන් වෙනස් වුවත් ගුවන් වාර අවලංගුවීම් නෑ – ශ්‍රී ලන්කන්

0
ඉන්ධන හිඟය හමුවේ කාලසටහන් වෙනස් වුවත් ගුවන් වාර අවලංගුවීම් නෑ – ශ්‍රී ලන්කන්

ශ්‍රී ලංකාවේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර රැසක් අවලංගු විය හැකි බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ඇතැම් අසත්‍ය තොරතුරු නිවැරදි කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපේක්ෂා කරයි.

 

මේ වන විට ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟය උච්චතම අවස්ථාවට පැමිණ ඇති බැවින් සතියකට වැඩි කාලයක් තම ගුවන් ගමන් කාලසටහන සුදුසු ගැලපීම් සහිතව කළමනාකරණය කර ගැනීමට හැකි වී ඇති බව ශ්‍රිලංකන් ගුවන් සේවය තහවුරු කර සිටියි.

 

පවතින තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා ගුවන් ගමන්  කාලසටහන් වල වෙනස්වීම් සිදුකර ඇති අතර ඉන්ධන ලබා ගැනීම සඳහා තෝරාගත් විදේශීය ගුවන් තොටුපළවල තාක්ෂණික නැවතුම් හඳුන්වාදී ඇත. ඒ අනුව  ඇතැම් ගුවන් ගමන්වල වේලාව සහ කාලසීමාවේ යම් වෙනස්කම් සිදුවිය හැක.

කෙසේ වෙතත්, ශ්‍රීලංකන් ගුවන් සමාගම කාලසටහන් සංශෝධන වල බලපෑම නොතකා සිය ගුවන් ගමන් කාලසටහන 100%කට ආසන්න කාර්යක්ෂමතාවයකින් යුතුව ක්‍රියාත්මක කරමින් සිටියි.

 

මෙම තීරණාත්මක අවස්ථාවේදී නියමිත ගුවන් ගමන් මෙහෙයුම් අවම බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බව ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය පාරිභෝගිකයින්ට සහතික වී සිටියි.වැඩි විස්තර සඳහා ඔබගේ ළඟම ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්යාලය අමතන්න. නැතිනම් www.srilankan.com වෙත පිවිසෙන්න.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/Statement-from-SriLankan-Airlines-7-July-2022-Sinhala_2.pdf” title=”Statement from SriLankan Airlines – 7 July 2022 – Sinhala_2″]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here