Home උණුසුම් පුවත් ඉන්දීය ඉතිහාසය වෙනස් කළ තීන්දුව

ඉන්දීය ඉතිහාසය වෙනස් කළ තීන්දුව

0
ඉන්දීය ඉතිහාසය වෙනස් කළ තීන්දුව

ඉන්දියාව විසින් එරට ඉතිහාසයේ රජයක් විසින් පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ගන්නා ලද සුවිශේෂීම තීරණය ඉකුත් සිකුරාදා දිනයේදී ගන්නා ලදී.

ඒ අනුව ඉන්දීය රජය විසින් එරට තුල එක්වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමට පියවරගෙන තිබෙනවා. මීට එක්වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් බීම බට, හැදි සහ ගෑරුප්පු, ප්ලාස්ටික් අසුරණ, බැලුම් රඳවන්, අසික් කීරීම් භාජන, සිගරට් පැක්ට්ටු ඇතුළු නිෂ්පාදන කිහිපයක් ඇතුලත්ව තිබෙනවා.

ඉන්දීය රජයේ මෙම තීරණය නිල වශයෙන් ඉකුත් සිකුරාදා නිවේදනය මගින් ප්‍රකාශයට පත් කළා. පියවර කිහිපයක් යටතේ මෙම ප්ලාස්ටික් තහනම ක්‍රියාත්මක වන අතර එහි පළමු පියවර වශයෙන් තහනම් කළ ප්ලාස්ටික් නිෂ්පාදන 19 දැඩි අවශ්‍යතාවක් නොමැති පරිසරයට විශාල බලපෑමක් එල්ල කළ හැකි නිෂ්පාදන ලෙස නම් කර ඇත. ඒ අනුව එම ප්ලාස්ටික් අයිතම නිපදවීම, ආනයනය, ලඟ තබා ගැනීම, බෙදා හැරීම සහ අලෙවි කිරීමට සපුරා තහනම් වනු ඇත.
මෙහිදී ඇතැම් ප්ලාස්ටික් බෑග් වල ඝණකම ඉහළ දමා ඒම බෑග් නැවත භාවිතයට යොමු කිරීමටද තීරණය කර තිබේ. කෙසේ වෙතත් මෙම නීතිය අවලංගු කරන ලෙසට ප්ලාසිට්ක් නිෂ්පාදකයින් ඉන්දීය රජයෙන් ඉල්ලා ඇති අතර නව තහනම හෙතුවෙන් විශාල පිරිසකට රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බවට ඔවුන් පෙන්වාදී තිබේ.

මෙම තහනම සම්බන්ධයෙන් ඉන්දීය පරිසර අමාත්‍ය බූපෙන්දර් යාදම් මාධ්‍ය වෙත් පවසා ඇත්තේ මෙම ප්ලාස්ටික් තහනම වසර කිහිපයද සිට ක්‍රියත්මක කිරීමට නියමිතව තිබූ තීරණයක් බවයි.

ලොව දෙවැනියට විශාලතම ජනගහනයක් වෙසෙන ඉන්දියාව මේවන විට දැඩි පරිසර දූෂණයකට මුහුණ දී සිටියි. ඊට ඉන්දියාව මෑත කාලයේදී අත්කරගත් සීඝ්‍ර ආර්ථික වර්ධනයද එක් හේතුවෙක් වී තිබේ. එහිදී මෙම නිෂ්පාදන වලට එක්වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් විශාල වශයෙන් යොදා ගැනීම සිදුකරයි.

එම ප්ලාස්ටික් නිසි ක්‍රමවේදයකින් තොරව පරිසරටය මුදා හැරීමට බහුලව සිදුවේ. මේ හේතුවෙන් ඉන්දියාව ජල මූලාශ්‍ර, ගංගා විශාල වශයෙන් දූෂණයට ලක්වූ අතරම එම පරිසර තත්ත්ව වල ජීවත් වූ සතුන් විශාල වශයෙන් මරණයටද පත්විය.

කෙසේ වෙතත් මේවන විට දැඩි පරිසරක බලපෑමක් එල්ල කරන එක් වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් බෝතල් මෙම තහනමට අදාල වී නොමැති විම යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇත. ඉන්දියාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් වැඩිම ප්‍රතිශයක් ප්ලාස්ටික් බොතල් වන බැවින් මෙම තහනම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව ප්‍රශ්න කිරීමටද පටන්ගෙන ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් ඉන්දිය රජය පවසන්නේ ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදකයින්ට අදාල නිෂ්පාදන නිසි ලෙස බැහැර කිරීමටත් ප්‍රතිචක්ක්‍රීකරණයට අදාලව ඉලක්ක ලබාදී ඇති බවයි.

මෙම තහනමෙන් බීමට බට ඉවත් කරන ලෙස කොකා කෝලා, පෙප්සි ඇතුළු ප්‍රධාන පෙලේ ආහාර පාන නිෂ්පාදන සමාගම් කීපයක් ඉන්දීය රජයෙන්ඉල්ල ඇත. මේ අතර තවත් සමාගම් කීපයක් තමන්ට මෙම නීතයට අනුගත වීමට ඊට අනුකූළව නීෂ්පාදන වෙනස් කිරීමටත් ප්‍රමාණවත් කාලයක් ලබාදී නොමැති බවට චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here