කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිසේත්ම පෞද්ගලික අංශයට ලබා නොදෙන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
එමෙන්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය හා එහි මෙහෙයුම් කටයුතු සියයට සියයක් වරාය අධිකාරිය සතු පර්යන්තයක් ලෙස ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ප්‍රමාද නොකරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
සමහර වෘත්තිය සමිති හා පුද්ගලයන් පටු දේශපාලන වාසි අපේක්ෂාවෙන් මෙම පර්යන්තය සම්බන්ධයෙන් කරන වගකීම් විරහිත ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹ වරායේ ඉදිවෙමින් පවතින ඊ.සී.ටී (ECT ) පර්යන්තයේ කටයුතු පෙරේදා(25) නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් කරමිනි.